වර්ජකයින්ගේ බලපත් අහෝසියි..! අලුත් බවුසර් සඳහා බලපත්..! – ඇමැති කාංචනගෙන් සුපිරි තීන්දුවක්…

April 30, 2022 at 11:32 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමෙි තබන ලද සටහනක් පහත දැක්වෙයි.

ඉන්ධන බෙදා හැරීමට නව බලපත්‍ර

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත්, සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කරන ලදි.

අද දිනයේ සවස 4 වන විට ඉන්ධන බව්සර් 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කර ඇත. ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග වෙළඳපොළට අඛණ්ඩව නිකුත් කරන අතර එම ඉන්ධන ප්‍රමාණවත් තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇත. පෙට්‍රල් 95 සීමිත තොග වෙළඳපොළට නිකුත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *