වර්ගවාදයට හසුවන්න එපා! අපට රට අහිමි වෙයි! – සංගක්කාර

May 14, 2019 at 3:45 pm | by admin

ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කර පවසන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසුනොවී එක් ජාතියක් ලෙස කටයුතු කරමු යනුවෙනි.

“නවතින්න. හුස්මගන්න. හිතන්න. ඔබගේ ඇස් විවෘත කරන්න. අපි ප්‍රචණ්ඩත්වයට, වර්ගවාදයට, වෛරයට හා මැරකම්වලට පරාජය වුවහොත් අපිට අපේ රට අහිමිවෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවන්න. සාමකාමීවන්න, අනෙකාව ආරක්ෂා කරන්න. ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා. අපි භේදයන් ඉවත් කර එකට එක් ජාතියක් ලෙස නැගී සිටිමු.”

ලොවක් කම්පා කළ පාස්කු ප්‍රහාරය එල්ල වී සති තුනකට අධික කාලයක් ගෙවී ගියද කුමාර සංගක්කාර කිසිදු ශෝක ප්‍රකාශයක් හෝ නිකුත් කළ බවක් වාර්තා වූයේ නැත. එහෙත් ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට පසු ක්ෂණිකව මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස