මෙම සිද්ධිය සමාජ ජාලාවල පලවුයේ හමුදා පොලිස් ගැටුමක් ලෙසයි. නමුත් සිදුවී ඇත්තේ පෝලිම්වල දින ගණන් සිටි ජනතාවට වන අසාධාරණයට එරෙහිව කතා කරන්නට හමුදා ලුතිනන් රශ්මික ගල්හේන නමැති නිලධාරියා ඉදිරිපත්වී එල්ල කල ප්‍රහාරයක් බව හෙලිවී ඇත.
ඔහු අතින් පහර කෑමට ලක්වන පොලිස් කොස්තාපල්වරයා පෝලිමේ ජනතාව බලා සිටියදි පගාව ගසා තම හිතවතුන්ගේ යතුරුපැදි පෝලිමට පිටින් ගෙනවිත් පෙට්‍රල් ගැසිමට යද්දීය, එම අවස්ථාවේ එයට විරෝධය පාන්නට ගිය යුධ හමුදා ලුතිනන් ගල්හේන සමග ඇති වූ බහින්බස් විමේදී මෙම ප්‍රහාරය එල්ල වි ඇත.
දැනට සිදුකල පරීක්ෂණ අනුව එම ස්ථානයෙදී අල්ලස් ගත් නිකන්ම නිකන් පොලිස්කාරයාට වඩා නිලයෙන් උසස් අධිකාරී ලත් ලුතිනන් ගල්හේන වෙත පොලිස් කොස්තාපල් කිසිදු ගරු කිරීමකින් තොරව පරුෂ වචනයෙන් බැණ වැදීම නිසා මෙම සිදු වීම සිදුව තිබේ, ඔහු යුද හමුදා විශේෂ බලකායේ(SF)අධිකාරීලත් නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද බොක්සින් ශූරයෙක් හා, ශ්‍රී ලංකා බොක්ශින් විනිසුරුවරුන්ගේ සංගමයේ කීර්තිමත් විනිසුරුවරයෙකුද වේ.
අසාධාරණයට එරෙහිව සටනක් කළ ඔහු යුධ හමුදා පොලිසියේ අත් අඩංගුවට පත්වන්නේ, පොලිස් කොස්තාප්ල්ට පහර දී රෝහල් ගත කරන වටපිටාවකය. තවද මේ වන විට ලුතිනන් ගල්හේන මහතාව ගරු අධිකරණය විසින් ඇපමත මුදාහැර ඇති අතර කොස්තාපල් අර්තාපල් දත් නැතිව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ සම්බන්ධව පොලිස්කාරයට ද විරුද්ධව වැඩි දුර විනය පරීක්ෂණ පැවැත්වෙන අතර ලුතිනන් රශ්මික ගල්හේන අහිංසක ජනතාව වෙනුවෙන් කළ මෙම ක්‍රියාව අගේ කරමු.
(Our Forces SL – අපේ හමුදාව)