වයස අවු. 30ට වැඩි 95%ක් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන….! 20-30ත් අතරත් 50% ඉක්මවයි…!

October 2, 2021 at 7:34 am | by emanisa.lk

වයස අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහණයෙන් සියයට 95කට ආසන්න පිරිසකට කොවිඩ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී අවසන් කර තිබේ.

ඊයේ (01) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය විය.

එසේම වයස අවුරුදු 20-30ත් අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම සාර්ථකව සිදුවන බවත් එහි දී හෙළි විය.

මේ වන විට වයස 20-30ත් අතර කාණ්ඩයේ ද 50% ඉක්මවා එන්නත ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකරන බවත් කොවිඞ් මර්දන විශේෂ කමිටුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *