වයඹ පාසල් නිවාඩුයි! ඇඳිරි නීතිය දිගටම!

May 14, 2019 at 6:55 am | by admin

අද (14) දිනයේ දී වයඹ පළාතේ පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

වයඹ පළාතට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට ඊයේ රාත්‍රී පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එම ඇඳිරි නීතිය ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැත.

රට පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය උදෑසන 4.00ට ද ගම්පහ පොලිස් කොට්ඨාශයේ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය උදෑසන 6.00ට ද අවසන් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස