වන විනාශය නිසා කොරෝනා වසංගතයට වඩා හානියක් වෙන්න පුළුවන්- වන්නිලැ ඇත්තෝ

September 16, 2020 at 2:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වන විනාශය දිගින්දිගටම සිදුවුවහොත්, ඇමෙරිකාවේ හා චීනයේ Covid-19 රෝගයෙන් මියගිය සංඛ්‍යාවට වඩා ජීවිත හානි මෙරට සිදුවනු ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.

ගස් කැපීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට දැව ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීම පමණක් සිදුකිරීම පිළිබඳව ඔහු විසින් බලධාරීන්ව විවේචනයට ලක්කර තිබේ.

“එක් අත්අඩංගුවට ගැනීමකින් නොනැවතී මීට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කළ යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස