වනාතවිල්ලුව කැපුවට දඬුවමක් නෑ! නැවත වගා නොකළොත් නීතිය අකුරට ම ක්‍රියාත්මක කරනවා! – වනජීවි සහ වන සංරක්ෂණ ඇමති

September 15, 2020 at 8:47 am | by emanisa.lk

වනාතවිල්ලුව එළුවන්කුළම ගිනි තබා විනාශ කර ඇති වනාන්තර භූමිය නැවත පැළ සිටුවා හරිත භූමියක් බවට පත් නොකළහොත් නීතිය අකුරයට ක්‍රියාත්මක කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමති සී.බී. රත්නායක පවසයි.

මෙම භූමිය සිමෙන්ති සමාගමකට බදු දී ඇති අක්කර 5000ක පමණ භූමියක කොටසක් බවත් වන වැස්මට හානි නොකර සිය කටයුතු කිරීමේ වගකීම අදාළ සමාගම පැහැර හැර ඇති බවත් එහි දී අනාවරණය විය.

අක්කර 100ක පමණ වනාන්තර භූමිය විනාශ කිරීමේ වගකීම සිමෙන්ති සමාගම විසින් භාරගන්නා බව සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *