ඡන්ද උණුසුම සමග කිසිදා නොමැතිව මෙවර උතුරත් සෙලවෙයි! වන්නියේ UNP JVP සහ TNA ප්‍රබලයන් 250ක් පොහොට්ටුවට!

June 30, 2020 at 7:32 pm | by emanisa.lk

වන්නි මැතිවරණ බලප්‍රදේශය වෙනුවෙන් පසුගිය මැතිවරණයන්වලදී ප්‍රභල පක්ෂ කිහිපයක් වෙනුවෙන් සහය දැක්වූ ප්‍රභල සාමාජිකයින් 250 ක් පමණ දෙනා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කිරීම සඳහා පක්ෂ සාමාජිකත්ව වව්නියාවේදී ලබාගත්හ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතක සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් ස්වාධීන පක්ෂ කිහිපයක ප්‍රභල සාමාජිකයින් මෙන්ම සහය ලබා දුන් 250 ක පමණ වූ පිරිසක් වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වීම සිදුවිය.

මෙවර මහමැතිවරණය වෙනුවෙන් වන්නි දිස්ත්‍රීක්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරඟ වදින ජනක නන්දකුමාර මහතා සමගින් එක්ව කටයුතු කිරීම සඳහා මෙම පිරිස් එක්වූහ.

වන්නි ජනතාවගේ ගැටලු ‍වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුන සමග එක්වීමට තීරණය ගත් බවට එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පිරිස් වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස