වන්දනාවේ එක්ක යනවා කියලා දේශපාලන රැස්වීමකට රැගෙන ගියා! – ආණ්ඩුවට එරෙහිව ඇල්පිටියෙන් මැකොට පැමිණිලි….

October 10, 2019 at 7:59 am | by emanisa.lk

වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික පිරිසක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රීයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත.

ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමුවැනිදා බස්රථ 12 කින් අනුරාධපුරයට කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සදහන් ව ඇතැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.

පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් අනතුරුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස