වන්දනාකරුවන්ගෙන් ශ්‍රීපාද අඩවිය ඉතිරී යයි! පෝලම් පැය ගණන් නොසෙල්වෙයි! 6000ක් ආපසු හැරෙයි!

February 4, 2019 at 7:18 am | by admin

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

නල්තන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්නේ සිට ශ්‍රීපාද මළුව දක්වා ඉකුත් (02) දා අළුයම සිට දැඩි තදබදයක් ඇතිවූ නිසා වන්දනාකරුවන් 6000 කට අධික පිරිසකට ශ්‍රීපාද මළුවට ගමන් කර වන්දනා කිරිමට නොහැකිව නැවත ගම් බිම් බලා ගිය බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

වන්දනාකරුවන් අධික නිසා මෙම මාර්ගයේ එකම ස්ථානයේ පැය ගණනක් රැඳී සිටීමට සිදුවූ බව වන්දනාකරුවෝ පවසති.

වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 06 ක් පමණ දුර සමන් දේවාලය අසළට මාර්ගය දෙපස ගාල් කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස