වතු සේවක වැටුප් නංවන්න සමාගම් 07ක් සූදානම්…!

August 10, 2024 at 3:01 pm | by emanisa.lk

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගෙවීමට වතු සමාගම් 7ක් එකඟ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි.

කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය තව දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *