වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව වතු සේවකයාගේ දෛනික වැටුප EPF සහ ETF සමග රුපියල් 1,552ක් වන අතර අතට ලැබෙන මුදල රු. 1350කි.
ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබිණි.
ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇත.