උඩරට පහත රට වතු ආශ්‍රිත ලයිම්වල ජීවත් වන කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එම ප්‍රජාව වෙනුවෙන් තමා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බව ද හෙතෙම සඳහන් කළේය.
තව දුරටත් බොරු පොරොන්දු ලබා දෙමින් එම ජනතාවට ළතවන්නට ඉඩ නොතබන බව ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් කීය.
උඩරට පහත රට වතු ප්‍රජාව වෙනුවෙන් පලනි දිගම්බරන්, මනෝ ගනේෂන් ඇතුළු වතු නායකයන් සමග ගිවිසුමකට එළඹෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.