වගා නොකළ ඉඩම් නොමිලේ වගාකරුවන්ට බෙදයි!

May 20, 2020 at 11:22 am | by emanisa.lk

සිය සභාව සතු සියලුම හිස් ඉඩම් තාවකාලික බෝග වගාව සදහා එක් වාර්ෂික ගිවිසුම් ගතව නොමිලයේ වගාකරුවන්ට ලබාදීමට අද (20 ) සිට පියවර ගන්නා බව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා කීවේය .

සිය බල ප්‍රදේශයට අයත් වැලිවිටිය ,ඇත්කදුර ,තණබද්දෙගම, ගුරුසිංහගොඩ, දිවිතුර යන ප්‍රදේශවල හිස් බිම ඇති බවත් මේ ඉඩම් සියල්ලම ඒ ප්‍රදේශවල පදිංචි අයට හා සමිති සමාගම්වලට තාවකාලික බෝග වගාව සදහා නොමිලයේ ලබාදෙන බවද ලොකුගේ කියයි.

මෙසේ ලබාදෙන හිස් ඉඩම්වල තාවකාලික බෝග වගාව හොදින් කරගෙන යන අයට හා සමිති සමාගම්වලට එක් වසරක ගිවිසුම්ගත කාලය තවත් වසරකින් දිගු කර ගැනීමට හැකි බවද ඔහු කීවේය.

ඉදිරියේදී ඇතිවෙතැයි කියන ආහාර හිගයට මුහුණදීම සදහා මේ පියවරගත් බවත් ඒ සදහා සිය සභාවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබුණු බවත් සභාපතිවරයා කීවේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *