යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසයි.
ඔහු අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
අද වකුගඩු රෝගීන් ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බව ද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බව ද හෙතෙම සඳහන් කළේය.
පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණ ද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බව පැවසූ ඇමැති චන්ද්‍රසේන, ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බව ද පැවසුවේය.
ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ සද්භාවයෙන් බව ද වකුගඩු රෝගීන් ගැන සිතා ඔහු මෙම තීරණය ගෙන සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටි බව ද ඇමතිවරයා පැවසීය.