වකුගඩු රෝග හැදෙන්නේ කෘෂි රසායන නිසා නෙමෙයි….! පෝර තහනම් කළා කියල වකුගඩු රෝග හොඳ වෙන්නේ නෑ …! – පාඨලී….

July 6, 2021 at 5:05 pm | by emanisa.lk

රජරට වකුගඩු රෝගය පොහොර භාවිතය හෝ කෘෂි රසායන භාවිතය නිසා ම ඇති වූ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එසේ නම් එප්පාවලට වඩා වැලිමඩ වකුගඩු රොගීන් බහුල විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ සඳහා පස, ජලය, රසායන ද්‍රව්‍ය, දේශගුණය, වැව ආදී බොහෝ සාධක බලපා ඇති බව ඔහු අනාවරණය කරයි.

එහෙයින් රසායනික පොහොර නැවැත් වූ පමණින් වකුගඩු රෝගය මෙරෙටින් තුරන් නොවන බව ද පාඨලී රණවක අවධාරණය කරයි.

රටේ ම කුණු එකතු කළ ද නිෂ්පාදනය කළ හැක්කේ කොම්පෝස්ට් ටොන් ලක්ෂයක් බවත් එමගින් වගාව සඳහා උවමනා නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් ප්‍රමාණය ලබා ගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහෙයින් රසායනික පොහොර තහනම නිසා වගා අස්වනු අඩු වන අතර රටේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට ආහාර ආනයනය හෝ රටේ වගා කරන ඉඩම් ප්‍රමාණය ඉහළ දමමින් පරිසර විනාශයක් කිරීමට සිදුවන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එප්පාවල ප්‍රදේශයේ ගොවි හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස