වකුගඩු ජාවාරම් කළ වෛද්‍ය පාදෙණිය සහ GMOA ලොක්කන් අල්ලනු!

February 8, 2019 at 5:17 am | by admin

සෞඛ්‍ය ඇමතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පවතින ඩීල් නතර කර වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා පත් කළ විමර්ශන කමිටු වාර්තාව වහාම නිකුත් කළ යුතු බවත් නො එසේ නම් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීමට පාරට බහින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත ආයතනයේදී පැවති මාධ්‍ය සාකාච්චාවේදී එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ වකුගඩු ජාවාරම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රධානියාට සහ විධායක කමිටුවේ නිලධාරීන් කිහිපදෙනකුටද චෝදනා එල්ල වී ඇති බවයි. ඉන්දියානු රජය විසින් සිදුකල දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකාවේද මෙම ජාවාරම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් එම පරීක්ෂණය විදිමත්ව සිදු වු බවට ගැටළු පවතින බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේ. එම පරීක්ෂණ කටයුතු සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා සහ විධායක කමිටුවේ නිළධාරින් අනිසි බලපෑම් සිදු කල බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය (GMOF) චෝදනා කරනවා.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව මෙතෙක් එළිදක්වා නොමැති බවත් ඩීල් නවත්වා එය වහාම රටේ ජනතාවට දැන ගැනීමට එලියට දමන ලෙසත් නැතහොත් සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව රටේ ජනතාව දැනුවත් කර පාරට බැස්සවීමට කටයුතු කරන බව පෙන්වාදුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ඉහල පෙලේ කමිටු සමාජිකයන්ගේ බලපෑම් ඊට එල්ල වී ඇති බවයි.

නිත්‍යානුකුලව වකුගඩු බද්ධ කිරීම් මගින් රටට විශාල විදේශීය විනිමයක් ලැබුන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සම්බන්ධ වෛද්‍යවරු පිරිසක් විසින් එය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව විදේශිකයන් සදහා මෙරටදී වකුගඩු බද්ධ කිරීම තහනම් කිරිමට රජය පියවර ගැනීම තුලින් නිත්‍යානුකුලව රටට ගල ඒමට තිබු විශාල විදේශීය විනිමයක් අහිමිව ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *