වංචා කළ පිරවුම්හල් හතරකට තෙල් සැපයුම නවතයි…!

May 21, 2022 at 10:30 am | by emanisa.lk

ඉන්ධන අලෙවි කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ නොසලකා කටයුතු කළ ඉන්ධනහල් හතරකට ඉන්ධන සැපයුම නතර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මෙලෙස ඉන්ධන සැපයුම නතර කර ඇත්තේ මාකොල දකුණ මාකොල ලංකා ඉන්ධන හල, ගාල්ල, කැලණිය, පෙතියාගොඩ සහ මීරිගම ලංකා පිරවුම්පළවල් හතරේය.

යතුරුපැදි සඳහා රුපියල් 2000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීම, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000 ක්, මෝටර් රථ හා අනෙකුත් වාහන සඳහා රුපියල් 8000 ක් දක්වා නිකුත් කිරීම යන උපදෙස් කැඩීම හා වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් තෙල් තොග සඟවා තැබීම යන කරුණු මුල්කර ගෙන සංස්ථා අලෙවි අංශය මගින් මෙම ඉන්ධනහල්වලට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ලබාදී තිබෙන උපදෙස් නොතකා කටයුතු කරන අනෙකුත් ඉන්ධනහල් පිළිබඳව සොයා බලා ඒවාට එරෙහිව පියවර ගන්නා බව ද සංස්ථාව කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *