ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවෙලා…! තෙල් මිල අඩුකර ජනතාවට සහන දෙනු…!

August 21, 2021 at 9:41 pm | by emanisa.lk

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ලිපියක් මගින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62.14 ක් දක්වා ඊයේ (20) වන විට පහත බැස තිබූ බව පවසන රංජිත් විතානගේ මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ පසුගිය ජූනි 11 වැනි දිනට සාපේක්ෂව මේ වන විට තෙල් බැරලයක් ඩොලර් 8.77කික් එනම් 12% කින් අඩු වී ඇති බවත් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වර්තමාන මුදල් අමාත්‍යවරයා පත්වීමට පෙර මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බවත් ඒ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර පසුගිය ජූලි මස 30 වන දින විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.95 ක් දක්වා ඉහළ ගියද ඉන්පසු බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණු බවත් ඔහු පෙන්වා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *