ලොව ඉහළ ම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට (සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ, ප්‍රකාශනවල ප්‍රගතිය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ඉහළ ම පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාඥයෝ 22ක් සහ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ දෙදෙනෙක් ද ඇතුළත් වෙති.
මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ය. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඔහු එම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර එකොළොස් වැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසට ඇතුළත් වන මෙරට සෙසු විද්වතුන් වන්නේ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයේ ව්ලද්මීර් සමක්තින්, ස්ටෙෆන් යූහෙලන්බෲක්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ චන්ද්‍රසේකර බී. දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එස්.ඒ.එම්. කුලරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ නිලන්ති ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ එච්.ජේ.ඩී. සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ රන්ජන් රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීලිකා මලවිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාමිණී මෙන්ඩිස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිමල් සේනානායක, රජරට විශ්වවිද්‍යාලයේ සුනෙත් අගම්පොඩි, කොළඹ විශ්වවිද්‍යාලයේ සරෝජ් ජයසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසිත ද සිල්වා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද ය.