ලෝක ක්‍රිකට් වාර්තා පොත මාලිංග අලුත් කරයි! විස්සයි – 20 ලොව වැඩිම කඩුලු ලාභියා මාලිංග!

September 1, 2019 at 11:06 pm | by emanisa.lk

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග තමා සතු කරගත්තේය.

පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩි සතුව තිබූ කඩුලු 98 වාර්තාව පසුකරමින් කඩුලු 99 ක් දවාගැනීමට ලසිත් මාලිංග අද සමත් වූයේය.

නවසිලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගමය.

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී කඩුලු 100 ක් දවාගන්නා ලොව පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණි.

මෙම තරඟය නවසීලන්ත කණ්ඩායම කඩුලු පහකින් ජයගත්තේය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී කඩුලු 5කට ලකුණු 175ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස