ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් සියල්ලකින් ම ලැබෙන ආරක්ෂාව බිඳලිය හැකි A.30 නමැති කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
මෙම වෛරස ප්‍රභේදය ගැන අද යුරෝපය ඇතුළු මුළු ලෝකය ම අවධානයෙන් පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.
මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බව ද ඇමැති ජයසුමන වැඩි දුරටත් කීවේය.