ලෝකයේ හොඳ ම කාබනික පොහොර අපි දෙනවා..! දරුවන් ගැන සිතා කාබනික ගොවිතැනට යන්න…! පාඩු වුණොත් වන්දි ගෙවනවා..! – නාමල්…

October 14, 2021 at 9:34 pm | by emanisa.lk

ජනතාවගේ සෞඛ්‍ය සහ අනාගත පරම්පරාව ගැන සිතා රසායනික පොහොරවලින් ඉවත් වන ලෙස තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලයි.

ගොවියාට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් යම් ආකාරයකින් අස්වැන්න අඩු වුවහොත් ඒ අඩුවෙන අස්වැන්නේ ප්‍රමාණයට වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

“පැහැදිලිවම අපි ආණ්ඩුවක් විදියට ගොවි ජනතාව සමග එකට ඉන්නවා. ලෝකයේ තිබෙන ඉහළ ම තාක්ෂණයෙන් නිෂ්පාදිත කාබනික පොහොර ලංකාවට ගෙනැවිත් දැනට පළමු අදියරේ ලබා දෙනවා. ඉන් පසු අපේ රට තුළ මෙම පොහොර නිෂ්පාදනය කර රට පොහොරින් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.

මේ අභියෝගාත්මක කාලයක්. අපිට වැටහෙනවා මේක අමාරුයි, බියක්, චකිතයක් තිබෙනවා. හැබැයි ඒ බිය, චකිතය අපි තුළත් තිබෙනවා. අපිත් මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ආශ්‍රය කරන ගොවි පරම්පරා පවුල්වලින් ආපු අය. පැහැදිලිව ම කාබනික පොහොර සම්බන්ධව තිරසාර විසඳුමක් අපි ලබා දෙනවා. ආණ්ඩුවක් විදියට අපි ගොවියන් ආරක්ෂා කරන්න බැඳී සිටිනවා, ඒ සඳහා මැදිහත් වෙනවා.”

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස