ලෝකයේ නව වැනි පුදුමය මෙන්න! ලංකාවේ ජනතා නියෝජිතයෙක් නිල රථය ප්‍රතික්ෂේප කරයි! (video)

June 22, 2019 at 4:02 pm | by emanisa.lk

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති මධුර විතානගේ තමන්ට නිල රථයක් මිලයට ගැනීම සඳහා ලැබුණු රු. ලක්ෂ හැටකට අධික මුදලින් නගර සභාවේ ආයතන තුනකට උවමනා වාහන තුනක් මිලයට ගෙන ඒ සඳහා අනුයුක්ත කර ඇතැයි වාර්තා වෙයි.

ජනතාවට සේවය කිරීමට යැයි ජන වරමක් ඉල්ලා ගෙන ඇමති ඇමති ධුර ලබා ගන්නා බොහෝ ජනතා නියෝජිතයන්ට එයින් අනතුරුව ලක්ෂ 500-600ක සුඛෝපභෝගී රථයක් නොමැතිව ගමන් බිමන් යාමට නොහැකි යුගයක මධුර විතානගේ නගරාධිපතිවරයා ඊට සපුරා වෙනස් මගක ගොස් තිබේ.

දේශපාලනයට පිවිසීමට පෙර ගමන් බිමන් ගිය ආකාරයට සෙසු කටයුතු කළ ආකාරයටම ඊට පසු ද කටයුතු කළ යුතු බව පවසන හෙතෙම නගර සභාවේ ජනතා බදු මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට වඩා ඒ සඳහා වටිනාකමක් ලබා දීම තම අරමුණ බව හෙතෙම පවසයි.

තම නිල කාලය වසර පහක් පිරීමටත් පෙර නිල වාහන ඉල්ලන, සිය වාහන බලපත්‍රය විකුණන මැති ඇමතිවරුන් මෙම ක්‍රියාව ආදර්ශයට ගතහොත් කෙතරම් හොඳද? මේ අප දකින්නේ තමන්ගේ පෞද්ගලික පරිහරණයට ලැබෙන පහසුකම් පවා ජනතා සුබසෙත උදෙසා වියපැහැදම් කරන සැබෑ ජනතා නියෝජිතයන් අපේ රටේ පාර්ලිමේන්තුව ඇතුළු සෙසු ආයතනවල සුලබ වන යුගයක පෙර නිමිති ද?

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස