ලෝකයම Lockdown කරද්දි ශ්‍රී ලංකාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක්! ගුවන්තොටුපළවල අවතැන් ලාංකිකයන් 33ක් රටට ගන්න අනුමැතිය!

April 9, 2020 at 12:31 pm | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

ඔවුන් ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කරන අතර ඔවුන්ට ලංකාවට ඒමට අවසර ලබාදී තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙයට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළේ රට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන තුරු කිසිවෙකුට රටට පැමිණීමට ඉඩ ලබා නොදෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස