ලෝකයට සාපේක්ෂව ලංකාවේ කොරෝනා මර්දනය අප්ෂට්! – කොරෝනාවලින් අටදාහක් මිය ගිය ප්‍රංශ පුරවැසි විමුක්ති ජයසුන්දර

April 6, 2020 at 3:50 pm | by emanisa.lk

ලෝකයට සාපේක්ෂව ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය බැරෑරුම් බවට වන වෛද්‍යවරයකුගේ ප්‍රකාශයක් ප්‍රකට සිනමාකරුවකු වන විමුක්ති ජයසුන්දර සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

විමුක්ති ජයසුන්දර යනු ලංකාවේ ඉපිද ලංකාව අතැර ප්‍රංශයට ගොස් ලංකාවට එරෙහි දේශපාලන කඳවුර වෙනුවෙන් චිත්‍රපටි නිෂ්පාදනය කර සම්මානයට පාත්‍ර වූවෙකි.

ලෝකයට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය විමසීමට පෙර ඔහු විමසිය යුත්තේ ලංකාව අතහැර තමන් ගොස් පදිංචි වූ ප්‍රංශයේ තත්ත්වය බව මේ පෝස්ටුව දුටු තවත් ප්‍රකට සිනමාකරුවෙකු සිය මිතුරන් පිරිසකට පවසා තිබේ.

ඒ පිළිබඳ emaninsa.lk වෙබ් අඩවිය කළ විමර්ශනයක දී අනාවරණය වූයේ විමුක්ති ජයසුන්දර ලංකාව අතැර ගිය ප්‍රංශයට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවය.

මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 92839කි. එම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය 8078ක් වන අතර සුවපත් වූ සංඛ්‍යාව 16 183කි. එසේම දැනට වාර්තා වන රෝගීන් අතරින් 6838ක් එනම් 10%ක් පසුවන්නේ ඉතාම බරපතළ තත්ත්වයේය.

එහෙත් ලංකාවේ දැනට වාර්තා වී ඇති රෝගීන් ප්‍රමණය 176ක් වන අතර මරණ ප්‍රමාණය 06කි.

එසේම රෝගය බෝවී දවස් 21ක් ඇතුළත ප්‍රංශයේ රෝගීන් 25 233ක් වාර්තා වී ඇති අතර එය එම ප්‍රමාණය තව දිනක් දෙකක් ඇතුළත ලක්ෂයේ සීමාව පසුකරනු ඇත.

එහෙත් දවස් 21ක් ගත වන විට රෝගීන් 102ක් වාර්තා වූ ලංකාවේ අද වන විටත් වාර්තා වී ඇත්තේ රෝගීන් 200කට අඩු ප්‍රමාණයකි.

2005 අනාථ භූමිය නැතහොත් අත්හැර දැමූ භූමිය යන අරුත් දෙන The Forsaken Land (සුළඟ එනු පිණිස) වැනි කසිකබල් චිත්‍රපට තනමින් හමුදාවට ගරහමින් බෙදුම්වාදයට දරදිය ඇද්ද විමුක්ති ජයසුන්දරලාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහුට එරෙහිව අදහස් දැක්වූ සිනමාකරුවාට පවසා ඇත්තේ එහි සිටි තවත් ප්‍රකට සංගීතඥයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස