ලොව සංචාරය සඳහා සුදුසුම දූපත් 25 අතරට ශ්‍රී ලංකාවත්…!

September 10, 2021 at 5:34 pm | by emanisa.lk

ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ හොඳම දූපත් 25 අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත. ලෝ ප්‍රකට ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) සඟරාව තේරූ හොඳම දූපත් 25 අතරට මෙලෙස ශ්‍රී ලංකාව‌ තේරී පත්ව ඇත.

ඇමෙරිකාවේ මාධ්‍ය සමාගමක් වන මෙරඩිත් සමාගම ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) ප්‍රකාශයට පත් කරන අතර ඔවුන්ගේ නවතම කලාපය සැප්තැම්බර් 8 වැනිදා ප්‍රකාශය‌ට පත් කරන ලදි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සමඟ සීෂෙල්ස් රාජ්‍ය ද 24 වැනි ස්ථානයට පත්ව ඇත. දෙරට ම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 88.20 කි.

මෙම ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් දූපතක් වන මිලෝස් දූපත යි. එම දූපතට හිමි ව තිබෙන ලකුණු සංඛ්‍යාව 95.50 කි.

ප්‍රධාන සහ හොඳම නගර, දූපත්, සුඛෝපභෝගී නෞකා, සම්භාහන මධ්‍යස්ථාන, ගුවන් ගමන් හා සේවා, යනාදී කරුණු රැසක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කර තිබේ. මුහුදු වෙරළ, ස්වභාවික ස්ථාන, නැරැඹිය හැකි ස්ථාන, මිත්‍රශීලී බව, ආහාර යනාදී තවත් කරුණු රැසක් කෙරෙහි මෙම සමීක්ෂණයේ දී සහ ඡන්ද විමසීමේදී අවධානය යොමු කර ඇත.

පෘතුගාලයට අයත් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්ස්, මැඩෙයිරා, ඉන්දියාවේ අන්දමන් දූපත්, ඉතාලියේ සිසිලි, තායිලන්තයේ කෝ සමුයි, ඉන්දුනීසියාවට අයත් බාලි, හවායි දූපත්, ගලපාගෝස් දූපත්, යනාදී දූපත් 25ක් මෙම ලැයිස්තුවට ඇතුළත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *