දුමින්ද නිශාරා සමග යුග දිවියට…!

May 1, 2022 at 10:13 am | by emanisa.lk

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජනාධිපති නීතීඥ නිෂාරා ජයරත්න නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා සමග විවාහ වීමට සූදානම් බව වාර්තා වෙයි.

ඒ සඳහා දෙපාර්ශ්වයේ ම කැමැත්ත හිමිව ඇති අතර එළඹෙන ඔක්තෝබරයේ මෙම විවාහ උත්සවය ගැනීමට නියමිතය.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස ද කටයුතු කළ නිෂාරා ජයරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ද තනතුරක් දැරුවාය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම ලද දුමින්ද සිල්වාට පසුගියදා ජනාධිපති සමාව ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස