ලොව අසාර්ථක ම සංචරණ සීමා තියෙන්නේ ලංකවේ…! සංචරණ සීමා පැන වූ පසු මරණ වැඩි ඒකයි…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති….

June 12, 2021 at 10:33 am | by emanisa.lk

පසුගිය සති තුනේ දී මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථක ම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන පවසයි.

එය මුළුමනින් ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් සංචරණ සීමා පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම සඳහන් කරයි.

සංචරණය සීමා පැනවීමට පෙර හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

මේ වන විට මරණ සංඛ්‍යාව දස ගුණයකින් පමණ වැඩි වීම, පවතින භයානක තත්ත්වයේ තරම කියාපාන්නක් බවත් එහෙයින් නිවැරදි ලෙස නිසි සංචරණ සීමා නැවත ක‍්‍රියාත්මක කිරීමට රජය නැවත කටයුතු කළ යුතු බවත් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *