ලොවක් දණ ගැස්සූ කොවිඩ් කරාපිටියේ දී දණ ගසයි…! රෝගීන් අසාධ්‍ය වීමත් මිය යාමත් නවතාලයි…! බටහිර වෛද්‍යවරයෙකුගෙන් විස්මිත දේශීය ඔසුවක්…!

May 3, 2021 at 10:57 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතයින් සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිත කළ හැකි ඉතා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගත් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන සඳහන් කරයි.

මෙම නිෂ්පාදනය මගින් කොරෝනා ආසාදනය වුවද අසාධ්‍ය වීම වළක්වන බවත් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම නවතන බවත් ඔහු අවධාරණය කරයි.

මේ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ රැසක් කළ බවත් ඒ සියලු දෙනාම බටහිර වෛද්‍යවරු බවත් ඔහු සඳහන් කළේය.

දැනට ආහාර අතිරේඛයක් ලෙස ලියාපදිංචි කර ඇති මෙම ඔසුවදේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන ඉඟුරු සුදුළුණු කොත්තමල්ලි මදුරුතලා, වදකහ සහ ආඩතෝඩා යන ඖෂධ වර්ග කිහිපයකින් සකසා තිබේ.

මෙමගින් දැඩිසත්කාර ඒකක ඇඳන්වල අවශ්‍යතාව අඩුවෙන බව ද රෝගීන් මරණයෙන් බේරාගත හැකි බව ද ඔහු කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස