අපි ඡන්දෙන් පරාදයි කියලා දන්නවා! නමුත් අපට සැනසිලි තෑගි හරි දෙන්න! – ජවිපෙ

July 7, 2020 at 9:11 pm | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණයේ දී තමන් පළමු ස්ථානය අපේක්ෂා කළ ද එය නොලැබෙන බව ජාතික ජන බලවේගයේ අනුර දිසානායක පවසයි.

ලොතරැයි පතක් ගන්නේ පළමු ත්‍යාගය අපේක්ෂාවෙන් වුවත් ලොතරැයිය ගන්නා විටම පළමු ත්‍යාගය නොලැබෙන බව තමන් දන්නේ යැයි ඔහු අවධාරණය කරයි.

එහෙත් තමන්ට මේ මොහොතේ වෙනස් ජයග්‍රහණය රාශියක් තමන්ට අත්පත් කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ දී රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් නොකර කාර්යභාරය ඉටුකිරීම රටේ ජයග්‍රහණයක් බව හෙතෙම පවසයි.

එහෙයින් රටේ කාර්යභාරය ඉටු කිරීමට නම් මාළිමාවෙන් වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව අනුර දිසානායක සඳහන් කරයි.

මහරගම නාවින්න ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස