ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට එරෙහිව යමින් ක්‍රියා කළ පක්ෂයේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන, භාණ්ඩාගාරික වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන යන අයගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කර පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
පසුගිය ජුලි 29 වැනි දින පැවැත්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණයට පිටින් යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම මත උක්ත තීරණයට පක්ෂය එළඹ ඇත.
පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ක්‍රියාකර තිබෙන සෙසු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන් වෙයි.