ලේනුන්ට නිදහසේ උම්මා එකක් දෙන්න පුළුවන් රටක් හදනවා…! – කෘෂිකර්ම නි. ඇමති….

January 31, 2025 at 9:51 am | by emanisa.lk

සතුන්ට ඇත්තේ කෑම, වතුර සහ ලිංගික අවශ්‍යතාව යන මූලික අවශ්‍යතා තුන පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.

අද වන විට වන බිම්වල කෑම වතුර නොමැති නිසා උන් ගම් වැදී ඇති නමුත් උන්ට ගමක නිදහසේ උම්මා එකක් දී ආදරය කිරීමට පවා හැකියාවක් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

වන සතුන්ට වනාන්තරවල ආහාර සහ ජල අවශ්‍යතාව ඉටු කර ගැනීමට ක්‍රමයක් තිබිණි නම් මෙම ගැටළුව ඇති නොවන බවද ඔහු බවත් එම පරිසරය සකස් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

කෙසේ වුව ද මෙම ගැටලුව සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් ද උවමනා බවත් මේ වන විට ගම්වැදී සිටින අලි නැවත වනාන්තරවලට පලවා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *