ලේක්හවුස් සභාපති දුම්මල වරම ගනී… සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ඉහළ බලපෑමකින් පන්නයි…!

January 7, 2025 at 7:10 pm | by emanisa.lk

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානී ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙන බව වාර්තා වේ.

සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ලෙස පත්ව සිටි ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනියක, ලේඛිකාවක ලෙසද ප්‍රකට චරිතයකි.

මෙම ඉවත් කිරීම පිළිබඳව ආයතනයේ කර්තෘ මණඩල අධ්‍යක්ෂවරයා, සිළුමිණ ප්‍රධාන කතෘවරයා පවා සිය විමතිය සහ අප්‍රසාදය පළකර ඇති නමුත් සභාපතිවරයා අදාළ තීන්දුව ගෙන තිබෙන්නේ ඉහළින් ආ නියෝගයක් බව වාර්තා වෙයි.

ඒ, ‌ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වුණු ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාදයක් සහ කැළඹීමක් හටගෙන ඇති පසුබිමකයි.

ඉකුත් ජනවාරි දෙවෙනිදා වැඩ ආරම්භ කරමින් ඔහු සේවකයින් පවසා ඇත්තේ “මාත් එක්ක ගේම් කෝල් කරන්න එපා. මං ඕනම දේකට ලෑස්තියි. මට ඕන අය දානවා. බැරි උන්ට යන්න පුළුවන්. ගේම නම් ගේම” ආදි තර්ජනාත්මක කතාවකි.

newspedia

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *