ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ….! අරාලි තුඩුවට අනුස්මරණ කෞතුකාගාරයක්…!

August 8, 2021 at 1:35 pm | by emanisa.lk

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජීවිතක්ෂයට පත් වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අරාලි තුඩුවේදී ඊයේ (07) පැවිත්විණි.

මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුත් විරුවන් අධි පීඩන බෝම්බයට ගොදුර වන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රථයේ කොටස් තැන්පත් කර ඉදිකළ කෞතුකාගාරය විවෘත කිරීම ද ගුණ සැමරුමට සමගාමීව එම ස්ථානයේ දී සිදු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *