ලුතිනන් කමාන්ඩර් යෝෂිත විවාහ දිවියට! (Photos)

October 3, 2019 at 4:56 pm | by emanisa.lk

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.

වර්තමාන ආණ්ඩුව යටතේ යෝෂිත රාජපක්ෂට මුදල් විශුද්ධිකරණ පනත යටතේ දූෂණ චෝදනා එල්ල කරමින් සේවයෙන් පහකළ අතර පසුගිය 28 වෙනිදා නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත නැවත සේවයේ පිහිටුවනු ලැබීය.

ඔහු සමග සේවයට බැඳුණු නිලධාරීන් මේ වන විට ලුතිනන් කමාන්ඩර් ධුරයේ රාජකාරී කරන බැවින් යෝෂිත රාජපක්ෂ ද එම ධුරයේ ස්ථිිර වන තුරු තාවකාලික ලුතිනන් කමාන්ඩර් ධුරයට පත් කිරීමට මේ වන විට නාවික හමුදාපතිවරයා කටයුතු කර තිබේ.

මේ එහි සුවිශේෂ අවස්ථා කිහිපයක් සනිටුහන් කෙරෙන ඡායාරූප එකතුවක් පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස