ලීසිංකාරයන්ට සහන දුන්නාම බැංකු දුවන්නේ කොහොමද? – ජවිපෙ පීඩිත බැංකු පන්තිය වෙනුවෙන් නැඟී සිටී…

March 19, 2020 at 9:30 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය තුළ බැංකුවලින් ලීසිං පහසුකම් ලබා ගත් අයට සහන කාලයක් ලබා දුන් පසු එම බැංකු පවත්වා ගෙන යන්නේ කෙසේ දැයි ජනතා විමුක්ති පෙරමුණ විමසයි.

සැමන් ටින් එකක් රු. 100ක් යැයි පැවසුව ද ඒ කුමන ප්‍රමාණයේ ටින් එකක් දැයි සඳහන් කර නොමැති බව ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.

කොරෝනා වසංගත තත්ත්වය තුළ ජාතිය අමතා මහින්ද රාජපක්ෂ අගමැති කරන ලෙස ඉල්ලා සිටීම වැනි දේශපාලන විහිළු නොකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ප්‍රවාහනය ඇතුළු සිය ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති නිසා ජනාධිපතිවරයා පසුගියදා බැංකු ලීසිං වාරික ගෙවීම සඳහා පොලී රහිත මාස හයක සහන කාලයක් ලබා දීමට තීන්දු කළ අතර ටිල්වින් සිල්වා එම අදහස් පළ කළේ ඒ ගැනය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස