ලිට්‍රෝ ගෑස් රු. 1200කින් නංවන්න කියයි….! නව ගෑස් මිල රු. 2800යි…!

October 1, 2021 at 8:35 pm | by emanisa.lk

කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩයක මිල රු. 1200කින් ඉහළ නැංවිය යුතු බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.

මේ වන විට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රු. 1493කට අලෙවි වෙයි.

නැව් සහ රක්ෂණ ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා එය රු. 2800 දක්වා ඉහළ නැංවිය යුතු බව එම එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එලෙස මිල වැඩි නොකරන්නේ නම් අදාළ මුදල මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *