ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ.
ලිට්රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.
චන්න ගුණවර්ධන දංකොටුව පෝසිලේන්, එයිට්කන් ස්පෙන්ස්, හයිඩ්රාමනී ආදී සමාගම්වල ඉහළ තනතුරු දැරූ වෘත්තිකයෙකි.