ලාල් බීලා හැප්පුණාට පැනලා ගියේ නෑ! ඒක තමයි අපේ විනය! – ජවිපෙ

March 11, 2019 at 9:19 am | by admin

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත රිය අනතුරකට මුහුණපෑව ද ඔහු පළා නොගොස් පොලිස් පරීක්ෂණවලට ද සහාය දුන් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පුවත්පතක් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔබ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත බීමතින් රිය පදවා කළ අනතුර ගැන මොනව ද කියන්නේ?

ඒ ගැන කියන්න දෙයක් නැහැ. ජ.වි.පෙ. විනයගරුක පක්ෂයක්. අපි කවුරු කොහොම කිව්වත් අපේ සදාචාරය විනය ඉවත් කරන්නෙ නැහැ. ලාල් කාන්ත සහෝදරයා එක්ක අපි කතා කළා. නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන තැනට අපි සාකච්ඡා කළා. අපි පිළිගන්න ඕන අනතුර වෙලාවේ ලාල් සහෝදරයා පැනලා ගියේ නැහැ. පොලිසියේ කටයුතුවලට සහය දැක්වුවා වගේම අධිකරණ කටයුතුවලට සහය දැක්වුවා. පක්ෂයක් විදිහට අපි ඊට මැදිහත් වුණේ නැහැ. අනතුරට ලක්වුණ දෙන්නාට අපේ කනගාටුව පළ කරලා තියෙනවා. නැවත මෙවැනි තත්ත්වයක් පක්ෂයේ සාමාජිකයකුගෙන් ඇති නොවෙයි කියන විශ්වාසය අපට තියෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *