ලාල්ගේ, අනුරගේ දරුවෝ යැව්වේ ප්‍රයිවට් කැම්පස්වලට….! රටේ අනෙක් දරුවන්ට ඒ අයිතිය දෙන්න ජවිපෙ විරුද්ධ ඇයි….?

July 10, 2021 at 11:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි.

“ලාල් කාන්ත මහත්තය, අනුර කුමාර මහත්තය වගෙ අය තමන්ගෙ දරුවන් යැව්වෙ පුද්ගලික විශ්වවිද්‍යාලවලට. ඒත් ඇයි ඔවුන් ඒ අයිතිය අනෙත් අයට නැති කරන්න හදන්නෙ කියන එක හිතාගන්න බැහැ.

විවිධ හේතු මත රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන්න නොහැකි අයට පුද්ගලික විශ්වවිද්‍යාල අයිතිය ලබා ගැනීම මානව හිමිකමක්. ඒ ගැන අනුර හා ලාල් රටට ම ආදර්ශයක් විය යුතුයි කියලයි මම නම් හිතන්නෙ.

ලංකාවේ දැනට පවතින විදේශ විනිමය අර්බුදයටත් මේක සැලකියයුතු විසඳුමක්. ඇයි අපි රටේ තබාගත හැකි ඩොලර් පිටරටවලට යවන්නෙ? අපේ රටේ මුදල් නේපාලය, භූතානය හා බංග්ලාදේශය පවා ඇද ගන්නව තමන්ගේ පුද්ගලික විශ්වවිද්‍යාල හරහා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *