කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කරයි.
ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම මත එහි ප්‍රතිලාභ ජනතාවට අහිමි වන තත්ත්වයක් උදාවෙමින් පැවැති බවය.
එමෙන්ම ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට වෙනුවට එය රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ත්‍රිපෝෂ සමාගමේ 2023 විගණිත මූල්‍ය වර්ෂය දක්වා වූ 30% ඉක්මවූ මිලියන 165ක් ලාභාංශ අතරින් ඊයේ දිනට වන ලාභාංශ මුදල ලෙස රුපියල් මිලියන 11ක් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රධානය කිරීම ද මෙහි දී සිදුවිය.