රෝහල්වලට ඇඳන් ගෙනාවෙත් පිටරටින්! අගමැති අනින් කොන්ත්‍රාත්තුව රජයේ කම්හලට!

January 29, 2020 at 7:41 pm | by emanisa.lk

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා  එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මෙම උපදෙස් දුන්නේය.

එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස