ලබන සතියේ සිට කොළඹ ගම්පහ සීමා ලිහිල් කෙරේ! ඇඳිරි නීතිය සෙසු දිස්ත්‍රික්කවල මෙන්ම රාත්‍රියට විතරයි!

May 23, 2020 at 5:26 pm | by emanisa.lk

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ.

කෙසේ වුවද මෙතෙක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ද සෙසු දිස්ත්‍රික්කවල මෙන්ම දහවල් කාලයේ දී ඉවත් කෙරේ.

හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස