ලබන සතියේ නාඩු කිලෝව 100ට අඩුවෙන් දෙනවා..! ලොකු මෝල්ලු 115ට විකුණන හැටි එතකොට බලමු…! – වාසු…

October 1, 2021 at 11:37 am | by emanisa.lk

ඉදිරි සතිය තුළ නාඩු සහල් රු. 100ට අඩුවෙන් ලබා දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එසේ ලබා දෙන්නේ කෙසේ දැයි නොවිමසන ලෙසත් නාඩු රු. 100ට අඩුවෙන් ලබා දෙන විට මෝල් හිමියන් හාල් 115ට විකුණන්නේ කෙසේ දැයි බැලිය හැකි බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මේ වන විට කිරිපිටි හිඟයක් පවතින අතර ආනයනකරුවන් රු. 400ක මිල වැඩි කිරීමක් ඉල්ලා සිටිය ද එය ලබා දිය නොහැකි බවත් ඇමැති වාසුදේව නානායක්කාර වැඩි දුරටත් පවසයි.

ඊයේ (30) මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *