ලබන අවුරුද්ද මුල හදිසි ජනාධිපතිවරණයක්…!

June 4, 2023 at 10:22 am | by emanisa.lk

2024 එනම් ලබන වසර මුල හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්, ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුම්වත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් එහි දී ඉල්ලීමක් කර ඇත.

ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයි ද ජනාධිපතිවරයා එහි දී වැඩි දුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *