ලබන අවුරුද්දේ කොවිඩ් පාලනය කළ ලෝකයක්…! ලෝක ප්‍රකට විශේෂඥයෝ හෙළි කරති…!

October 23, 2021 at 8:26 pm | by emanisa.lk

මේ වන විට ලෝකයේ විශේෂඥයින් ගණනාවක් 2022 වසර මැද කාර්තුව වන විට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇති බවට අනාවැකි පළකර තිබේ.

දැනට ලොව පුරා එන්නත්කරණය සිදුවන ආකාරයට සහ කොවිඩ් වැළඳි සුව වන අය තුළ ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණා සමග වඩාත් ඉක්මන් දිනයක දී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජන සමාජය තුළ පැතිර යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසි ද පෙන්වා දෙන්නේ ජනතාවගේ සහයෝගය ලදහොත් කොවිඩ් වර්ධන මට්ටම කිසියම් පාලනයට ගතහැකි තත්ත්වයක් 2022 දි උදාවිය හැකි බවය.

කෙසේ වුව ද වෛද්‍ය චාර්ල්ස් බෙයිලි, වින්ධ්‍යා මෝයි ඇතුළු තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ලෝකය ම පූර්ණ එන්නත්කරණයට ලක්වන තුරු කොවිඩ් ගැන අනාවැකි කීමට ඉක්මන්වීම සුදුසු නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *