ලන්ඩන් නුවරට වඩා අනුරාධපුර සල්ගාදු පිටියේ ජනතාව සමග සිටීමට ලැබීම සැපයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායවරයා සඳහන් කළේ, ඇමරිකාවට කැනඩාවට සවාරි යෑමට වඩා රජරට ගොවි ජනතාව අතර සිටීම සැපයක් බවයි.
සිය අස්වනු ගබඩා කර අවශ්‍ය අවස්ථාවේ වෙළඳපොළට නිකුත් කිරීමට උවමනා සුහුරු තාක්ෂණය ගොවි ජනතාවට ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
අද (16) අනුරාධපුර සල්ගාදු පිටියේ දී රජරට ගොවි සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.