ලක්ෂ 40ක වංචාවට හිරේ ගිය අයකුට දින 10න් ජනපති සමාව…!

June 6, 2025 at 1:09 pm | by emanisa.lk

රුපියල් ලක්ෂ 40ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අනුරාධපුර මහ අධිකරණය මගින් බරපතළ වැඩසහිතව මාස හයක සිරදඬුවම් නියම වූ අයකු පසුගිය වෙසක් පොහෝ දින ජනාධිපති සමාව යටතේ නිදහස් කොට ඇතැයි වාර්තා වෙයි.

සීබීබී මූල්‍යාතනයේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මූල්‍ය කළමනාකරු වන ඩබ්.එම්. අතුල තිලකරත්නට මෙලෙස ජනාධිපති සමාව හිමිව ඇති අතර ඔහුට අදාළ සිරදඬුවම ලැබී ඇත්තේ එදිනට දින 10කට පෙර එනම් මැයි 02 වන දිනය.

මෙම පුද්ගලයාට එරෙහිව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණයේ සහ මහ අධිකරණයේ නඩු විස්සකට අධික ප්‍රමාණයක් පවතින අතර මෙයට පෙර ද මූල්‍ය අපරාධ චෝදනාවලට වැරදිකරු වී සිරදඬුවම් ලද අයෙකි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *