ලක්ෂ 360ක වංචාවක්…. මාලිමාවේ ප්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට…!

September 6, 2024 at 6:46 pm | by emanisa.lk

රු. මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කරයි.

ඒ “නැෂනල් වර්කර්ස් කොංග්‍රස්” යන වෘත්තීය සමිතියේ නිලධාරි මණ්ඩලය ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර එම සමිතියට අදාළ දේපළක් වංචනික ලෙස බදු දීම හේතුවෙනි.

වෘත්තීය සමිති ආඥා පණත යටතේ ලි.ප. අංක 1041 යටතේ ලියාපදිංචි කර ඇති අදාළ වෘත්තීය සමිතිය පිළිබඳව කොළඹ වංචා විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව 2024 වසරේ ජනවාරි මස 26 වනදා ගොනු කළ බී වාර්තාව සලකා බලා, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවීමට කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *